කෝවීඩ් වසංගතයෙන් නැවත නැගී සිටීම සදහා විශේෂයෙන් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට සුහුරුලිය වැඩසටහන යටතේ පියවර ගෙන ඇත.
මේ අනුව සුහුරුලිය සාමාජිකාවන්ට ව්‍යවසායකත්ව පුහුණුව අන්තර්ජාලය (online) ඔස්සේ ලබා දීම ආරම්භ කර ඇත.
මෙයට පෙර මෙම පුහුණු කිරීමේ කටයුතු ක්ෂේත්‍රයට ගොස් සිදු කරනු ලැබුවත් නව කෝවිඩ් වසංගත තතත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍යය පලදායී ලෙස යොදා ගනිමින් නිසි වෙළෙද පොලක් සොයා ගැනීම පිලිඹදව මෙහිදී ව්‍යවසායකයින්ට පුහුණුව ලබා දෙනු ඇත.
මෙම පළමු අන්තර්ජාල පුහුණු වැඩමුළුව ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් නොබෝදා ආරම්භ කෙරුණු අතර ෆේස් බුක් ආයතනයේ සහාය ඊට ලැබී තිබිණි.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම කේන්ද්‍රකර ගනිමින් මෙම පුහුණු කිරීමේ කටයුතු සිදු කිරිමට නියමිතයි. මේ යටතේ කාන්තා ව්‍යවසායකයින් එක්දහස් පන්සීයක් පමණ පිරිසකට මෙම පුහුණුව ලබා දීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යපාර ප්‍රවර්ධනය කර ගැනීම සදහා ව්‍යවසායකයින්ට ෆේස් බුක් පිටුවක් ද නිර්මාණය කර දෙන අතර පුහුණු වැඩමුළුව සාර්තකව අවසන් කරන ව්‍යවසායකයින් සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය යටතේ සහතික පතක්ද නිකුත් කෙරේ.