නව ව්‍යවසායකයන්ගේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව සහ නවෝත්පාදන උළෙල Disrupt Asia 2019 සිව්වන වරටත්

September 6, 2019

Disrupt

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන්ගේ ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව සහ නවෝත්පාදන උළෙල Disrupt Asia 2019, සිව්වන වරට මේ වසරේදීත් නව ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නවෝත්පාදන ගෝලීය වශයෙන් ප‍්‍රදර්ශනය කිරීමට අසමසම අවස්ථාවක් උදා කරදෙමින් පැවැත්වීමට නියමිතය.

‘Augmented Living’  යන්න මෙම වසරේ සමුළුව සහ නවෝත්පාදන උළෙලෙහි තේමාව වන අතර එමගින්  අවධානය යොමු කරන්නේ මානව ජීවන රටාවන්ට සහාය වීම සඳහා නවෝත්පාදන හා තාක්ෂණයේ සාර්ථකත්වය යොදා ගැනීම සහ සංවර්ධනය සඳහා තිරසාර දායකත්වයක් ලබා දීමට එහි ඇති හැකියාව පිලිබඳවය.

මේ පිළිබඳව පැහැදිලි කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේ පැවසීය. ”වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී, දේශීය නව ව්‍යවසායකයින් පැසසුමට ලක් කරමින් ඔවුන්ගේ උන්නතිය උදෙසා පවත්වනු ලබන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමුළුව සහ නවෝත්පාදන උළෙල ලෙස Disrupt Asia පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙම වසරේ සම්මන්ත‍්‍රණ තේමාව ‘Augmented Living’  යන්න සහභාගිවන්නන් සඳහා සංවාදාත්මක නැවුම් ඉදිරිදර්ශනයක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන්හට, ආයෝජකයින් සමඟ ජාලගත වීමටත්, ප‍්‍රායෝගික උපදෙස් ලබා ගැනීමත්, ව්‍යාපාරයක් ආරම්භයේ දී අත්‍යවශ්‍ය උපායමාර්ග පිළිබඳ අවබෝධය සහ ගෝලීයව පුළුල් අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට මෙන්ම තාක්ෂණික නවෝත්පාදන යුගයට මඟ පෙන්වීම සඳහාත් මෙම සමුළුව සහ නවෝත්පාදන උළෙලෙ       විශිෂ්ට වේදිකාවක් නිර්මාණය කර දෙනවා.”

මෙම සමුළුවේදී ප‍්‍රධාන දේශකයන් ලෙස ආසියාවේ නව ව්‍යවසායකයින් අතර පුරෝගාමින් ලෙස සුපතල Casie Lau  සහ Amarit Charoenphan  මහත්වරුන් සහභාගී වේ.

එහිදී හොංකොං හි නව ව්‍යවසායකයින් අතර පුරෝගාමියකු ලෙසත් කථිකයකයකු ලෙසත් Casie Lau  මහතා මේ වන විට කලාපයේ විශාලතම තාක්ෂණික සමුළුව ලෙස පිළිගැනෙන THE Web Summit  හි ආසියානු සමුළුව RISE  හි සම සත්කාරකත්වයද දරනු ලබයි. එසේම ්ප්රසඑ ක්‍ය්රදැබචය්බ මහතා තාක්ෂණය පිළිබඳව ආසියානු කලාපයේ සිටින ප‍්‍රධාන පෙළේ කීර්තිමත් පුද්ගලයෙක් වන අතර ඔහු තායිලන්තයේ විශාලතම සහ ප‍්‍රථම සම-වැඩ බිම වන HUBBA, හි විධායක සභාපතිවරයා ද, අග්නිදිග ආසියාවේ තවත් ප‍්‍රමුඛතම තාක්ෂණික සමුළුවක් වන Techsauce හි සම නිර්මාතෘවරයා ද වේ.

ඊට අමතරව, තාක්ෂණයේ නව ප‍්‍රවණතා පුරවැසියන්ගේ අර්ථික වර්ධනය හා තිරසාර ජීවන රටාව කෙරෙහි බලපාන්නේ  කෙසේද, සහ ඒවා ඉහළ නංවන්නේ කෙසේද, යන්න පිළිබඳ අර්ථවත් සැසි පහක්  පැවැත්වීමට නියමිතය.

මෙම සැසි සඳහා විශේෂයෙන් සංචාරක අංශයට අදාළ තාක්ෂණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ‘Travel Tech( Travel Smart’   පිළිබඳව දේශන ඇතුළත් කර ඇත. එහිදී  Airbnb, Tripadvisor සහ Yohobed හි කමිටු සාමාජිකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත.

Lenddo, BoardPac, Lalamove  සහ Microimage හි විශේෂඥ දැනුමැති දේශකයන් විසින් ”Platform   Disrupting Asia” මාතෘකාව ඔස්සේ තාක්ෂණය තුළින් ජීවන රටාවේ ගුණාත්මකතාවය වැඩි දියුණු කිරීමට, නව ව්‍යාපාරය ස`දහා සහාය ලබා ගැනීමත් එමඟින් ආර්ථික වර්ධනයක් ඇති කිරීමත් පිළිබඳව සාකච්ඡ කෙරෙනු ඇත.

‘’Shaping Cities Through Innovation’’ තේමාව යටතේ පුරවැසියන්ගේ ජීවන  තත්ත්වය තිරසාර ලෙස වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය කාර්යක්ෂමව භාවිතා කිරීම පිළිබඳව City zone Tel Aviv  Dialog  සහ Visa හි දේශකයන් විසින් සාකච්ඡුා පවත්වනුු ඇත.

”R” of VR and AR  යන මාතෘකාව යටතේ, Manzalab, Two Lane, Shadow Factory සහ Arimac  නියෝජනය කරන දේශකයන්  විසින් Virtual Reality  සහ Augmented Reality  හා බැදි තාක්ෂණය සහ මානව යහපැවැත්ම උදෙසා එහි භාවිතාව සහ වැදගත්කම පිළිබඳව සාකච්ඡුා කිරීමට නියමිතය.

Seedstars, Techsatars,  සහ Startupright  හි දේශකයන් විසින් Go Global: Strategies for Emerging Market’  යන මාතෘකාව යටතේ නව ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ජාත්‍යන්තර වෙළදපොල කරා රැුගෙන යාමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් බෙදාහදා ගනු ඇත.

මෙහිදී සමුළුව සහ නවෝත්පාදන උළෙල හා එක් වීමට අපේක්ෂිත 1000කට අධික සහභාගී වන්නන් සඳහා, දැනුම බෙදා ගැනීමට, සාර්ථක ප‍්‍රායෝගික භාවිතයන් ඉගෙන ගැනීමට, නිර්මාණශීලිත්වය සහ උපායමාර්ගික ව්‍යාපාර වර්ධනයට අනුබල දෙන වෙනත් වටිනා දැනුම ලබා දීමටත් Disrupt Asia සංවිධායකයින් සහතික වේ.

Disrupt Asia 2019  සමුළුව සහ නවෝත්පාදන උළෙල මගින් නව ව්‍යවසායකයින් සමෘද්ධිමත් කිරීම සඳහා RISE, Techstars, Seedstars, AngelHack, Startupright  වැනි සංවිධාන හරහා වටිනා හා ප‍්‍රබල  ප‍්‍රවේශයක් ලබා දෙනු ඇත. එහිදී නව ව්‍යාපාරික සබ`දතා ඇති කර ගැනීමට, ආයෝජන ලබා ගැනීමට හෝ නව ව්‍යාපාර ස`දහා අත්‍යවශ්‍ය උපදෙස් ලබා ගැනීම අරමුණු කරගනිමින් දේශීය නව ව්‍යවසායකයින්ට මෙම සංවිධාන හමුවිය හැකිය.

මෙම වසරේ Disrupt Asia  සමුළුව සහ නවෝත්පාදන උළෙල තාක්ෂණය හා කලාව පාදක කොට ගනිමින් ඩිජිටල් ක‍්‍රියාකාරකම් සහ තාක්ෂණික කලාත්මක නිර්මාණ  වලින් සමන්විත කෙරෙනු ඇත. තවද නව ව්‍යවසායකයින්් 30 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නවෝත්පාදනයන් සහ විසඳුම් මේ සඳහා සහභාගී වන්නන්ට සහ අමුත්තන්ට ප‍්‍රදර්ශනය කරනු ඇත.

මෙම සමුළුවේ සහ නවෝත්පාදන උළෙලේ තවත් විශේෂාංගයක් වන්නේ Disrupt Asia  නව ව්‍යවසායකයින්ගේ අවසන් මහා තරගයයි. මෙහිදී ජයග‍්‍රාහකයින්හට මුදල් ත්‍යාග, ඇතු`ඵ ක්ශේත‍්‍රයේ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව, නව ව්‍යාපාර සාර්ථක කරගැනීම ස`දහා දේශීය විදේශීය දේශකයන්ගේ මග පෙන්වීම යන වටිනා අවස්ථා රැුසක් හිමිවනු ඇත.

Disrupt Asia  2019 සමුළුව සහ නවෝත්පාදන උළෙල ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා  Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH (නවෝත්පාදන සහකරු) Visa (ගෝල්ඞ් පාට්නර්), Crowdisland, DirectPay, Hatch (කේෂේත‍්‍ර සහකරු), Cinnamon Hotels and Walker Tours (සත්කාරක සහ සංචාරක සහකරු), Gudppl(ස්වේච්ඡුා සහකරු) Startup Accelerator by PWC Sri Lanka, STARTUPRIGHT and AngelHack (දැනුම සහකරු), Dialog Television (Pay Tv සහකරු), Dialog (Broadband සහකරු), Ath Pavura  සහ CITRA (සමාජ නවොත්පාදන සහකරු), Bhasha Lanka Pvt Ltd (ජංගම දුරකථන විසදුම් සහකරු)   PayHere (ගෙවීම් සහකරු) ලෙස සහය ලබා දෙයි.

වැඩිදුර තොරතුරු සහ ටිකට්පත් ලබා ගැනීමට පිවිසෙන්න. –https://www.disruptasia.today/ හෝ Facebook https://www.facebook.com/disruptasia/

Top