එස්තෝනියා රාජ්‍යයේ ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකල Lvar Tallo ලෙවර් මහතා සිය අත් දැකීම් බෙදා ගැනීමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) ඉකුත් 09 දා පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා මෘදුකාංග පදනමේ සභාපති ආචාර්ය සංජීව වීරවර්න මහතා මෙරට ඉ-රාජ්‍ය ක්‍රියාවලිය පිලිබදව පැහැදිලි කරන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අංශයේ ප්‍රධාන නව්‍යකරණ නිලධාරීන් රැසක් සහභාගි වු අතර නියෝජිතායතනයේ සභාපති මහචාර්ය රොහාන් සමරජීව මහතාද මෙහිදී අදහස් දැක්වීය.