COVID කාලය තුළ සහ පසු සිය ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍යය හරහා කරගෙන යාම පිළිබද SAMRT සමාජ කව සහ සුහුරුලිය සමජික සාමාජිකාවන්ට අන්තර්ජාල වැඩමුළු.

May 18, 2020

Suhuru

කොවිඩ් වසංගත තත්ත්වය තුළ සහ ඉන් ඔබ්බට ඩිජිටල් අවකාශය තුල සමාජමාධ්‍ය වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් ෆේස්බුක් හි සහයෝගිතාවයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සංවිධානයකළ අන්තර්ජාල සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගියදා ක්‍රියාත්මක කෙරින.
මෙම සැසිවාරයට “ස්මාර්ට් සමාජ කව” සහ “සුහුරුලිය ”  සාමාජික සාමාජිකා  ව්‍යවසායකයෝ    පනහක් පමණ සහභාගී වුහ  . ඔගිල්වි ආයතනයේ  කළමනාකාර  අධ්‍යක්‍ෂ ලලිත් සුමනසිරි මහතා මේත්.ගොව්..ල්ක්  හරහා  මෙහෙයවූ මෙම   වැඩමුළුවට , ඔෂාදී   විතානවසම්, අමිත  අමරසිංහ යන තොරතුරු තාක්‍ෂණ  විද්වත්හු එක් වුහ . .වසංගත තත්ත්වය තුළ සහ ඉන් ඔබ්බට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව කමිටු සාමාජිකයින් විසින් සාකච්ඡා කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙනස්  වෙමින් පවතින පරිසරයට අනුවර්තනය විය හැකි ආකාරය ද ඔවුහු විස්තර කළහ. ඩිජිටල් තාක්‍ෂණය වඩාත්  පලදායී ලෙස යොදා ගැනීමත් සමඟ දැනුවත් සහබාගිත්වයක් හා , ධනාත්මක සමාජයක් වෙත අවධානය යොමු කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සිදු කරනු ලබන මහජන සම්බන්ධතා වැඩසටහනේ තවත් එක පියවරක් ලෙස  මෙම වැඩමුළු  මාලාව අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකවේ

 

Top