ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA රජයේ ප්රධාන ආයතන සමඟ එක්ව -19 අදාළ තොරතුරු මහ ජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk. නමින් දියත් කරන ලදී. COVID-19 හේතුවෙන් රට තුල ඇතිවූ නව තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා රජය විසින් ප්‍ර කාශයට පත්කරන තොරතුරු විශ්වාසදායක මුලාශ්රයන් හරහා මහජනතාවට ලබා දී මෙහි අරමුනි අරමුණවිය .. ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය, COVID -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්යස්ථානය, රජයේ ප්‍ර වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩසටහනේ නියැලී සිටින ප්‍ර ධාන ආයතන හා සංවිධාන වේ.
මෙම වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු හෝ දත්ත විවිධ රාජ්ය ආයතනවලින් සහ වෙනත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලබාගැනේ .. COVID -19 පැතිරයාමට අදාළ සියලු තොරතුරු සහ ක්රියාකාරකම් සොයා ගැනීමට මෙය තොරතුරු කේන්ද්රස්ථානයක් වනු ඇති අතර දේශීය හා අන්තර්ජාතික වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි ප්‍ර වෘත්ති සමඟ සම්බන්ධ වීමට පුරවැසියන්ට බාධාවකින් තොරව මෙමගින් අවස්ථාව උදාවේ.
තවද, එම වෙබ් ද්වාරය සෞඛ්යයට අදාළ සංඛ්යාලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍ර වාහන, විදේශි සේවා , අත්යවශ්ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුභසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්යාපනය වැනි තොරතුරු ද එහි අඩංගු වේ. සීමාසහිත ඊමාර්කෙටින් අයි (පුද්ගලික) සමාගමේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.