දෘඩාංග යටිතල පහසුකම් සංවර්ධනයට වඩා කාලීන වශයෙන් වැදගත් වන්නේ මෘදුකාංග යටිතල පහසුකම් සංවර්ධනය කිරීම බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
පසුගියදා කොළඹදී පැවති යුරෝපා සංගම් සයිබර් අපරාධ පිටුදැකීමේ ජාත්‍යන්තර සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ ශ්‍රි ලංකා පරිගණක හදිසිප්‍රතිචාර සංසදය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
වැඩ බලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සමග සම අමුත්තා වශයෙන් මෙම අවස්ථාට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මෙම අදහස් පළ කළේය.
රටවල් දාහතක් පමණ නියෝජනය කරමින් සයිබර් අපරාධ විනිශ්චය සම්බන්ධ විද්වතුන් සියයක් පමණ මෙම දෙදින සමුළුවට සහභාගි වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවේ මානව සම්පත විශේෂ හැකියාවන් ගණනාවකින් පිරිපුන් බව කිව හැකියි. සාක්‍ෂරතාවය ඉහළ මට්ටමක පැවතීමත් එවැනි හැකියාවක්.භූගෝලිය පිහිටීම පැත්තෙන් ගත්තත් ලංකාවට සුවිශේෂි තත්තවයක් හිමිවෙනවා. මේ කරුණු කාරනා දෙස බලන විට මෘදුකාංග යටිතල පහසුකම් සංවර්ධය කිරීම මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකියි.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වීමත් සමගම රට තුල විශාල පරිවර්තනයක් ඇති වෙමින් තිබෙනවා. යහපාලනයක් ඇති කිරීමේ අවකාශය දැන් රටේ ඇතිවී තිබෙනවා.එය අභියෝගයක් එය ජය ගතහැකියි.නීති ගරුක බවත් යහ පාලන රටක ලක්‍ෂණයක්.දින සියය තුල ඒ සදහා අඩිතාලම දමමින් සිටිනවා.ජපානයේ තානාපතිතුමා මෙහිදී සදහන් කළා සයිබර් අපරාධ මර්ධනය කිරීම ත්‍රස්ත්‍රවාදය මර්ධනය කිරීම වැනීම ක්‍රියාවත් බව.මුල්‍ය අපරාධ වලට එරෙහිව අද රජය කටයුතු කරමින් සිටිනවා.විශේෂයෙන්ම මේ සදහා පරිගණක ජාල සහ එම තාක්‍ෂණය යොදා ගත හැකියි.රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වියයුතු නැහැ.සමහරුන් අපෙන් ප්‍රශ්ණ කරනවා ඇයි මේවාට මැදිහත් නොවනේ ඇයි කියා බලන කොට ඒවා අධිකරණයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අයිති කටයුතු.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ගැන මෙහිදී සදහන් කරන්න උවමනායි. එම ආයතනයේ සභාපතිවරයා වශයෙන් මමත් කාලයක් කටයුතු කර තිබෙනවා.සයිබර් අපරාධ මර්ධනය කිරීම සදහා වන අණ පනත් සකස් කිරීම සදහා විශාල සහයෝගයක් ඒ ආයතනය ලබා දී තිබෙනවා.එහි නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතාටත් ස්තුති විය යුතුයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ සහ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා මහතා සමුළුව අමතමින් මෙසේ කීය.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ප්‍රධාන හේතුව වුයේ සයිබර් අපරාධ පිලිබද බුඩාපේස්ට් සම්මුතිය සදහා එකග වන ලෙස කරන ලද ආරාධනාවයි.මෙය රටට ඉතා වැදගත් අවස්ථාවක් මෙන්ම අපේ සිහිනයක් සැබෑවීමක්.මෙය ඉතා කැපකිරීම් වල ප්‍රතිළුලයක් බව කියන්න ඕනේ.