බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට‘(Budapest Cybercrime Convention) එකතුවීමට ශ්‍රී ලංකාවට ඇරයුමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ්ණ නියෝජිතායතනය(ICTA) පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයේ නව පියවරක් තබමින් මෙම සම්මුතිය සඳහා දකුණු ආසියා කලාපයෙන් මුල් වරට එක්වීමට සූදානම් වන රට බවට පත්වේ.
මෙරට විදේශ කටයුතු අමාත්යංශ ලේකම්වරයාට, යුරෝපා කවුන්සිල මහලේකම්වරයා විසින් මෙම සම්මුතියට එක්වීම සඳහා වූ ආරාධනය ලිපියක් ඔස්සේ දැනුම් දී ඇත.
‘බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය‘ යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය ලෙසින් ද හැදින්වේ. එසේම සයිබර් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය යි.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රරය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින් මෙම අවස්ථාව සැලකිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂරණ නියෝජිතායතනයේ සභාපති චිත්රාංගනී මුබාරක් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නීය. අන්තර් ජාතික රටවල් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සම්බන්ධයෙන් දරණ ආකල්පය මේ තුළින් පෙනී යන බව ඇය වැඩිදුරටත් සදහන් කරයි.
මෙම සම්මුතියට ශ්‍රී ලංකාව එක්වීමෙන් සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්රි්යාත්මක කිරීමේදී ජාත්යන්තර වශයෙන් විශාල පහසුවක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂයණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂක නීති උපදේශක ජයන්ත ප්රනනාන්දු මහතා පවසයි.
කෙසේ නමුත් මෙම සම්මුතියට එක් වීමට ප්‍රතම ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂනණ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් භාරදූර කටයුතු රැසක් ක්‍රිරියාත්මක කිරීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂිණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්යංශය හා අධිකරණ අමාත්යංශය එම කටයුතු සම්බන්ධයෙන් මේවන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.