මැතිවරණයට පෙර පොරොන්දු වුණාටත් වැඩියෙන් ‘ෆ්‍රී වයි-ෆයි’ දෙන්න රජය සූදානම්

March 4, 2015

ඉදිරි මාස කිහිපය තුළ රටේ විවිධ ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක නොමිළේ වයි-ෆයි (Wi-Fi) පහසුකම් ලබාදීම හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ම පමණක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍යය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පැවැති මාධ්යය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ ඉතා වේගයෙන් වෙනස් වන වත්මන් ලෝකයේ ඉන්ටර්නෙට් පහසුකම් යනු තව දුරටත් සුඛෝපභෝගී දෙයක් නොව ජලය, විදුලිය හා ගෑස් බඳු උපයෝගිතා සේවාවක් පමණක් වන බවයි. වත්මන් රජය ස්වකීය මුල් සැලසුම වෙනස් කරමින් වඩා වැඩි වේගයකින් යුතු වයි-ෆයි පහසුකම් වඩා වැඩි ස්ථාන ප්‍රමාණයක ලබාදීමට තීරණය කළේ එනිසා බවද ඔහු කියා සිටියේය.

1983 දී පළමුවරට පාසල් මට්ටමින් පරිගණක අධ්‍යාපනය ලැබූ සිසු කණ්ඩායමට අයත් වූවකු සේ අතීතය සිහි කළ නියෝජ්‍ය අමාත්යටවරයා කියා සිටියේ එදා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා සේ ගත් ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් සේ තමන්ට ඒ අවස්ථාව උදා වූ බවයි. ‘එදා අවශ්‍යතාවය වුණේ ග්‍රාමීය මට්ටමින් පරිගණක පහසුකම් ලබාදීම හා තරුණයින් පුහුණු කිරීමයි. නමුත් අද අප එයින් බොහෝ ඉදිරියට ඇවිත්. අද බොහෝ ගම්බද නිවෙස් වල පවා පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තියෙනවා. පරිගණක පහසුකම් වෙනුවට පරිගණක භාවිතය ගැන අවධානය යොමු කරන්න අප තීරණය කළේ එ නිසයි. විදුලි සංදේශයේ දීර්ඝ කාලීන අත්දැකීම් අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජනා කළේ මේ කර්තව්‍යයට සියළුම දුරකථන සමාගම් සම්බන්ධ කර ගත යුතු බවයි. ඉන්ටර්නෙට් පිවිසුම සැබෑ ලෙස මහජන භාවිතයක් වීමට තවත් බොහෝ දුර යායුතුයි. නොමිළේ වයි-ෆයි පහසුකම් සැපයීම එහි මූලාරම්භය සේ සැලකිය හැකියි’ නියෝජ්‍ය අමාත්යනවරයා කියා සිටියේය.

දිවයිනේ ප්‍රමුඛ නගර හැම එකකම නොමිළේ ඉන්ටර්නෙට් පහසුකම් සපයන වයි-ෆයි කලාප ඇති කිරීම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනපතිවරණ මැතිවරණ පොරොන්දුවකි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනතනයේ සභාපතිනි චිත්රාංගනී මුබාරක් මහත්මිය කියා සිටියේ අපේ රටේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම පිණිස රජය හා පෞද්ගලික අංශය එකට එක්වන අවස්ථාවක් සේ මෙය සැලකිය හැකි බවයි.

‘නොමිළේ වයි-ෆයි පහසුකම් සැපයිය යුතු ස්ථාන තීරණය කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ’ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා කියා සිටියේය. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය වශයෙන් අපට බොහෝ දේ ගැන සිතන්නට සිදුවුණා. පුරවැසියන්ට ඉන්ටර්නෙට් භාවිතා කරන්න වඩාත්ම පහසු ස්ථාන මොනවාද කියා අප සොයා බැලුවා. ඒ වාගේම මේ හැම ස්ථානයක්ම හැම දෙනාටම විවෘත විය යුතුයි. මේ සියළුම කාරණා දීර්ඝ ලෙස සැලකිල්ලට බඳුන් කිරීමෙන් පසුව අප තෝරා ගත්තා පළමු වටයේදී රාජ්‍ය විශ්ව විද්යාාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථාන, බස්නැවතුම් පළවල්, සියළුම ශික්ෂණ, දිස්ත්රි‍ක් හා A ශ්‍රේ‍ණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා කෞතුකාගාර වලට ඒ පහසුකම් ලබා දෙන්න. සියළු ‘ෆ්‍රී වයි-ෆයි’ ස්ථාන රටේ හැම දිස්ත්‍රික්කයකම සමානුපාතිකව බෙදී යන පරිදියි සැලසුම් කර තියෙන්නේ. අපට වැටහෙනවා ගම්බද ප්‍රදේශ වලට මේ පහසුකම් වැඩිපුර අවශ්‍ය වුණත් වැඩිම භාවිතය තියෙන්න පුළුවන් නගරබදව කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා රටේ ඉතාම දුෂ්කර පළාත්වලට පවා මේ පහසුකම් ලබා දෙන්න’ ඔහු කියා සිටියේය.

පුරවැසියන්ට නොමිළයේ වයි-ෆයි පහසුකම් ලබාදිය යුතුය කල්පනා කළ එකම රට ශ්‍රී ලංකාව නොවේ. මෑතදී නිමා වූ නව දිල්ලි මැතිවරණයේදී වත්මන් මහ ඇමැති අර්වින්ද් කෙජ්රිවාල් මහතා නියෝජනය කළ ආම් ආද්මී පක්ෂයේ එක් මැතිවරණ පොරොන්දුවක් වූයේද මුළු දිල්ලි නගරයම නොමිළයේ වයි-ෆයි පහසුකම් සපයන කලාපයක් කිරීමය. නමුත් මැතිවරණයෙන් පසුව කෙජ්රිවාල් මහතා කියා සිටියේ ඊට අඩු වශයෙන් වසරක් වත් ගතවනු ඇති බවයි. ලංකාවේ තරුණයින්ට මේ පහසුකම ඊට බොහෝ පෙර ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

පළමු ‘ෆ්රීය වයි-ෆයි’ කලාප 250 මාර්තු මාසය අවසාන වීමට මත්තෙන් විවෘත කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ බලාපොරොත්තුවයි. පළමු වටයේ ඉතිරි 750 දින 60 හා 90 අතර කාලයකදී ක්රිකයාත්මක වීමට නියමිතය.

මුදල් ගෙවීමේ පදනම මත මේ වන විට දිවයිනේ සියළුම විදුලි සංදේශ සමාගම විසින් පිහිටුවා ඇති වයි-ෆයි කලාප ගණන 5,000 ක් පමණ වේ.

Top