ඉ-ස්වාභිමානී සම්මාන ප්‍ර‍දානෝත්සවයේදී රාජ්‍ය අංශයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් සකස් කරන ලද මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් සම්මාන රැසක්

December 7, 2018

Opening

මෙවර පැවති 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍ර‍දානෝත්සවයේදී රාජ්‍ය අංශයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් සකස් කරන ලද මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් සම්මාන බහුතරයක් හිමිවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය,මොරටුව විශ්වවිද්‍යාලය,ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  ශ්‍රී ලංකා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කොළඹ විශ්වවිද්‍යාල්‍යායීය පරිගණක අධ්‍යයනායතනය  ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය(මධ්‍යම පළාත) යන රාජ්‍ය ආයතන සදහා සකස් කරන ලද  මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් මෙසේ සම්මාන හිමිකර ගෙන තිබේ.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, ඉගෙනුම හා අධ්‍යාපනය, සුහුරු ජන ස්ථාපනය යන අංශ යටතේ තරගයට ඉදිරිපත් කරන ලද මෘදුකාංග හා යෙදවුම් මෙසේ සම්මාන හිමිකර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන වෙනුවෙන් සම්මාන හිමිවු මෘදුකාංග සහ යෙදවුම් සකස් කර ඇත්තේ එම රාජ්‍ය ආයතන මගින්ම වීම තවත් විශේෂත්වයකි.

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික වශයෙන්  ඇගැයීමට ලක් කිරීම වස් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ  අටවන වරටය.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා සහභාගිවු අතර එහිදී අදහස් දැක්වු ආරියරත්න මහතා සදහන් කළේ අතීත උරුමයන් හා දැනුම ඇසුරින් ඉදිරිය සකසා ගත යුතු බවත් විද්‍යා හා තාක්ෂණ දැනුම යොදා ගනිමින්  රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගතයුතු බවත්   සියළු බේද වලින් තොරව සමගි සම්පන්නව කටයුතු කිරීමේන්  රට ගොඩනැගිය හැකිවන බවත්ය.

IMG_9210

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙහිදී සදහන් කළේ නව තාක්ෂණ යුගයට අප ගමන් කළ යුත්තේ  අතීත යහ ගුණ රැක ගනිමින් බවත් තාක්ෂණය සමග කටයුතු කිරීමේදී  ජනතා සිතුම් පැතුම් වලට අනුකූලව කටයුතු කිරීම  වැදගත් වන  බවත්ය.

IMG_9131

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙහිදී සදහන් කළේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාවීව ඩිජිටල් තාක්ෂණ  ක්ෂේත්‍රයද දියුණු කර ගතයුතු බවද එම ක්ෂේත්‍රයේ පුළුල් දෙස් විදෙස් වෙළද පොළක් ද පවතින බවයි.

IMG_9252

IMG_9107

eSwabhimani_award

eSwabhimani_award1

Top