පවතින පරිගණක වැඩසටහන් පද්ධතිවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමෙන් මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිමේ ව්‍යාපෘතියක් සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරින . මෙම විසඳුම සාර්ථක වූ පසු, සමාන රාජ්‍ය ආයතනවලට ද මෙම පිටපත් අවම කිරීමේ විසදුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේ .
පවත්නා පද්ධතිවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්රශස්ත කිරීම සඳහා තනි පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත විසඳුමෙන් සැලසුම් කරතිබේ ; තෝරාගත් සේවා සපයන්නෙකු මගින් කර්මාන්තශාලා කළමනාකරණ පද්ධතිය (FMS), ගිණුම්කරණ පද්ධතිය (CIGAS) සහ වැටුප් ක්‍රමය (GPS). මෙමගින් නවිකරනයකෙරේ. එමගින් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ලදායීතාවය ඉහළ නංවනු ඇති අතර, අන්තර් ක්‍රියාකාරී මෙහෙයුම්වලට සහ දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට හැකිවනු ඇත ..
ව්‍යාපෘති සංකල්පය, ක්‍රියාත්මක කිරීමේ දී දෙපාර්තමේන්තුව සහ විකුණුම්කරු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම. තාක්ෂණික උපදේශනය, ප්‍රසම්පාදන උපදේශනය සහ ව්‍යාපෘතියේ තිරසාරභාවය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පහසුකම් සපයනු ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරු මහින්ද හේරත් (ප්‍රධාන විධායක ), සමීර ජයවර්ධන (සං වර්තන අංශ ප්‍රධානී) සහ චාමේන්ද්‍ර තිලන්ක පෙරේරා ( විශේෂඥ ව්‍යාපෘති අනුගතකිරීම් ) සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවෙ ඉංජිනේරු. කේ.පී වතුගේ , ටී.ඒ.එල්. අබේවර්ධන ,ඩි එල් ධර්මසේන යන අය අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.