නොමිලේ ‘වයි ෆයි’ කොළඹින් ඇරැඹේ

March 30, 2015

රටපුරා නොමිලේ ‘වයි ෆයි’ කලාප ඇති කළ පළමු දකුණු ආසියානු රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වෙයි.

ශ්‍රී ලංකාව ලෝකයට විවර කරමින් විශේෂයෙන් තරුණ පරපුර තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමේ අරමුණ වී තිබේ.

නොමිලේ වයි ෆයි පහසුකම නිල වශයෙන් ලබා දීම අගමැති රනිල් වික්‍ර​මසිංහ මැතිතුමා‍ගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේ දී (30) ආරම්භ කෙරිණි.

ඊට සමඟාමීව රටපුරා වැදගත් ස්ථාන 26ක් සඳහා නොමිලේ වයි ෆයි ලබාදීම ද සිදුකෙරුණු අතර කොටුව පොදු හා පෞද්ගලික බස් නැවතුම් පොල, මහනුවර දළඳා මාළිගාව, කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය, කොළඹ නීති විද්යාොලය, කොළඹ මහජන පුස්තකාලය, දෙහිවල සත්වෝද්යානය, ‍කොළඹ තුරඟ තරඟ පිටිය, ‍පොලිස් මූලස්ථානය, ගාල්ල දුම්රිය ස්ථානය, යාපනය දුම්රිය ස්ථානය, කොටුව ලන්දේසි ‍රෝහල, ගාලු මුවදොර පිටිය, බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කොළඹ කෞතුකාගාරය, කරාපිටිය රෝහල, රත්නපුර කෞතුකාගාරය, ‍පොළොන්නරුව මූලික රෝහල, මාතර බස් නැවතුම්පොල, පොළොන්නරුව දුම්රිය ස්ථානය, මාතර දුම්රිය ස්ථානය, මිරිජ්ජවිල උද්භිත උද්යාානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දුම්රිය ස්ථානය සහ පේරාදෙනිය දුම්රිය ස්ථානය ඊට අයත් ‍බව ශ්‍රි ලංකා ‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

නව රජයේ මැතිවරණ පොරොන්දුවකට අනුව දින සියයේ වැඩපිළිවෙළ යටතේ රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදෙමින් “වයි-ෆයි කලාප” 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. එහි මුල් අදියර යටතේ වයි-ෆයි කලාප 250 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතුව මසකට මෙගා බයිට් (MB) 100ක ප්රුමාණායේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකි වෙයි. මේ කාර්යයේ දී ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙන්ම රජයේ සහ පෞද්ගලික දුරකතන ආයතන සහාය ලබාදෙයි.

ඒ අනුව සමස්ත ශ්‍රි ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්‍ෂණ හා දිස්ත්රිරක් රෝහල්, නීති විද්‍යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වෙනුවෙන් අන්තර්ජාල පහසුකම ලබාදීමට තීරණය කර තිබේ.

සාපේක්ෂව පහළ අගයක් ගෙන තිබෙන ශ්‍රි ලංකාවේ අන්තර්ජාල පහසුකම භාවිතය ඉහළ මට්ටමකට ගෙනඒමට මේ තුළින් අපේක්ෂා කරන අතර ඒ මාර්ගයෙන් රටේ මහජනතාව දැනට වඩා සක්‍රීය​ ආකාරයෙන් රටේ යහපාලන හා ප්රරතිපත්ති සම්පාදක ක්‍රියාවලියට සම්බන්ධ වනු ඇත.
ඇමැතිවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, ඩී.එම් ස්වාමිනාදන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වන අජිත් පී පෙරේරා, එරාන් වික්රිමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්රී සාගල රත්නායක, ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්රාං ගනී මුබාරක් සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Top