ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සම්මාන ද්ත්වයකින් පිදුම් ලැබීය.
මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හොදම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය (Best Digital-Enabled Product /Service Category) යටතේ වන සමස්ත ජයග්‍රහනය (Overall Winner) නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (LGN2.0) වෙනුවෙන් ලබා ගැනීමට සමත්විය.
හොදම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශය (Best Digital-Enabled Product /Service Category For Government Institutions And Ngos Sector) යටතේ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සදහා ජයග්‍රහන සම්මානය ද ලබා ගත්තේය.
කාර්යක්ෂම පුරවැසි සේවාවන් සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම කඩිනම් කිරීම මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.
ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ ඉතා සාර්ථක ලෙස රාජ්‍ය ආයතන 860 ක් මේ වන විට ජාල ගත කර තිබෙන අතර මෙම ව්‍යාපෘතිය නිමාවන විට රාජ්‍ය ආයතන 3500ක් පමණ සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී.ජී කුමාරසිංහ මහතා අතින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා සමස්ත ජයග්‍රහනය (Overall Winner) සදහා වන සම්මානය මෙහිදී ලබා ගත්තේය.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු චින්තක ඒකනායක යන මහත්වරු මෙහිදී හොදම ඩිජිටල් තාක්ෂණික නිෂ්පාදන හා සේවා කාණ්ඩය රාජ්‍ය හා රාජ්‍ය නොවන තරග අංශය සදහා වන සම්මානය ලබා ගත්හ.
සම්මාන ප්‍රදානය නොබෝදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.