ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) නව සභාපතිනියක් හා අධ්ය ක්ෂ මණ්ඩලයක් පත් කෙරේ.
ඒ අනුව නව සභාපතිනිය ලෙස චිත්රාගංනී මුබාරක් මහත්මියව පත් කර ඇත.මුහුන්තන් කනගෙයි (කළමනාකාරඅධ්යනක්ෂ), වෛද්‍ය අජිත් මදුරප්පෙරුම, ආනන්ද විජේරත්න, උපුල් කුමාරප්පෙරුම සහ චානුක වත්තේගම යන මහත්වරුන්ගෙන් අධ්යික්ෂය මණ්ඩලය සමන්විත වේ.
චිත්රාංතගනී මුබාරක් මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධි ධාරිනියකි. ඇය SLIIT ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයට එක්වීමට පෙර, පසුගිය වසර නමයක කාලය තුළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය,ඉ-සමාජ වැඩසටහන දියත් කිරීම සඳහා නියෝජිතායතනයට සහයෝගය ලබා දුන්නාය.
ඒ අනුව තොරතුරු තාක්ෂණ ඔස්සේ ග්‍රා-මීය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍ර ය තුළ කාර්‍යභාරයන් රැසක් ඇය විසින් දියත් කර ඇත.
චිත්රාංගනී මුබාරක් මහත්මිය කැලණිය විශ්ව විද්යා්ලයේ උපාධි අධ්‍යයන මණ්ඩලයේ සාමාජික සහ ජාතික විද්‍යා පදනමේ ආහාර සුරක්ෂිත පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ද වේ.එසේම මීට ප්‍රතම ඇය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යයක්‍ෂවරිය ලෙස කටයුතු කළාය.
එසේම ශ්‍රී ලංකා තොරතුරු හාසන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා ඔහුගේ සේවා කාලය අවසන් කරනු ඇත. ඔහු වසර 12ක පමණ කාලයක් කටයුතු කරනු ලැබීය. ඒ අනුව මුහුන්තන් කනගෙයි මහතා එම ධුරයේ වගකීම් භාර ගනු ඇත.
කනගෙයි මහතා දශක දෙකකට වැඩිකාලයක් රටේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රඇයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ අයෙකි. එක්සත් රාජධානියේ Keelle විශ්ව විද්යාතලයෙන් ඔහු තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධියක් සහ ක්‍ෂේත්‍රනය පිළිබඳ හසල දැනුමක් ලබා ඇති අයෙකි.
ලෝක බැංකුව විසින් මෑතදී ප්රිකාශයට පත්කළ වාර්තාවක් ඔස්සේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ප්‍රසාදය පළ කර ඇති අතර නියෝජිතායතනය ක්‍රියාවට නංවන ඉ-ශ්‍රී ලංකා ව්යාෂපෘතිය පිළිබඳ ව ද ඇඟයීමක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) රජයේ ඉහළම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වේ.2003 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත අංක 27 වන වගන්තිය අනුව(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණපනත) නිමැවුම සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අදාළව රජය ප්රතතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙස තහවුරු කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ශ්‍රී ලංකා රජය සතු ආයතනයක් වේ.