එක්සත්ජාතීන්ගේ ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන සම්මුතියේ (UN Communications Convention) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
මෙම සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමගම ජාත්‍යන්තර ඉ-වෙළෙදාම සහ ජාත්‍යන්තර වෙළෙද ගිවිසුම් ඉලෙක්ට්‍රෝනික සිදු කිරීමේ නීතිමය හැකියාව මෙරටට ලැබේ.
දකුණු ආසියාතික කලාපයේ රටවල් අතරින් මෙම සම්මුතියේ සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම රට ශ්‍රී ලංකාව වන අතර ආසියානු කලාපයේ දෙවැනි රට වේ.
ජාත්‍යන්තර වෙළෙදාම් කටයුතු වලදී ඉතා ඉහළ වැදගත් කමකින් යුතු මෙම සම්මුතියේ සාමාජිකත්වය කෙටි කාලයකදී ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවුයේ ඒ සදහා අවශ්‍ය වන නීතිමය ව්‍යෙවස්ථාව ඉහළ මට්ටමින් සපුරා තිබු නිසා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්‍ෂ නීති උපදේශක ජයන්ත ප්රනනාන්දු මහතා පවසයි.
විශේෂයෙන්ම 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකූලව සකස් කර තිබීම ඊට එක් උදාහරණයක් බවද ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම ගිවිසුමට එළඹීමත් සමගම ජාත්යජන්තර ඉ- වෙළෙද කටයුතු වලදී ශ්‍රී ලංකාවේ නීති විධි විධාන මෙම සම්මුතිය පදනම් කර ගනිමින් සිදු කිරීමට හැකිවේ.
එසේම ජාත්‍යන්තර වශයෙන් මුදල් හුවමාරු කටයුතු මෙන්ම වෙළෙද ගිවිසුම් සදහා එකගතාවය දැක්වීම වැනි කටයුතු වලදී මෙම අදාළ ආරක්ෂාව සහ නීතිමය පසුබිම මෙම සම්මුතියෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාවට හිමිවේ.
ජාත්යනන්තර වෙළෙද නීතිය පිලිබද එක්සත් ජාතීන්ගේ කොමිසමේ 48වෙනි වාර්ෂික සැසිවාරයේදී මෙම සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර 2016 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සම්මුතිය ශ්‍රී ලංකාවට බලාත්මක වේ. රුසියාව ඇතුලු රටවල් රැසක් දැනටත් මෙහි සාමාජිකත්වය දරණ අතර චීනය ඔස්ට්‍රේලියාව වියට්නාමය සහ දකුණු කොරියාව යන රටවල් මෙම සම්මුතියට බැදීම සදහා අවශ්‍යය පියවර ගනිමින් සිටී.
මෙම සම්මුතියට එක්වීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශය වීශාල සහයෝගයක් ලබා දුන් බවත් නියෝජිතායතනය ඒ සදහා මුලිකත්වය ගෙන කටයුතු කළ බවත් ජයන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි.