ස්මාර්ට් සමාජ කව ක්‍රියාකාරිත්වය පුළුල් කිරීමට ෆේස් බුක් පිටුවක්.

July 10, 2018

SSC LOGO

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තව දුරටත් පුළුල් ආකාරයෙන් සමාජ ගත කිරීම සදහා ෆේස් බුක් සමාජ ජාලයෙහි ජාතික ෆේස් බුක් පිටුවක් සකස් කෙරේ.

ඒ හරහා ස්මාට් සමාජ කව සාමාජිකයින්ට විශේෂයෙන්ම තමන්ගේ ව්‍යසායක අවස්ථාවන් ලෝකය හමුවට ගෙන යෑමේ අවකාශය සැලසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තක්ෂණ නියෝජිතායතනය පවසයි.

තවද සෑම ස්මාට් සමාජ කවයක් සදහාම ෆේස් බුක් පිටුව බැගින් මේ වන විටත් සකසා ඇති අතර ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම ,ගමේ නිෂ්පාදන සදහා වෙළෙද පොළක් සකස් කර ගැනීම ,ග‍්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම ආදී දෑ පිළිබදව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකිවේ.
මෙම කටයුතු බිම් මට්ටමින් සාර්ථක කර ගැනීම සදහා දැනුම් නියෝජිතයින් හයදහස් හයසීයක් පමණ පමණ පුහුණු කර තිබෙන අතර මෙම වසර නිම වන විට එම පිරිස අටදහස් හයසියය දක්වා වර්ධනය කෙරේ.

තවද මෙම වසර අවසාන වන විට දිවයින පුරා ස්මාට් සමාජ කව 860ක් ස්ථාපිත කිරීමට නියමිත අතර මේවන විට ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් එම සමාජ කව 606ක් ස්ථාපිත කර අවසන් බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ශක්තිමත් සජීවී ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවත් ඒ සදහා ෆේස් බුක් සමාගමේ ‍තොරතුරු තාක්ෂණ හැකියාවන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ අතර සදහන් කරයි.
විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් සක්‍රීයව දායක කරවීම මෙහි අරමුණ වන බව නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා

Top