සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ–ස්වාභිමානී සම්මාන ප්රදානය සදහා නාමයෝජනා භාර ගැනේ.
මෙම ජුලි මස 25 දා දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙවර සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙන්නේ අටවන වතාවට වන අතර ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුබසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වාණිජ්‍ය,අන්තර්ග්‍රහණය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා භාර ගැනේ.
මෙම සම්මාන ප්‍රදානයට පාත්රවන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඉදිරි දැක්ම යථාර්ථයක් කර ගැනීම සදහා අවශ්‍යය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සදහා ජාතික මට්ටමින් මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන විට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල උනන්දුවක් පවතින බවද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.
www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.