Public Consultation of E-mail Policy & Information Classification Policy for the Government

E-mail Policy for Government Organizations

Setting up a citizen centric and citizen friendly ‘Digital Government’ and digitally enabled services are key government strategies in the achievement of its vision of ‘a technology based society’. In that, Electronic Mail (E-Mail) has been identified as one of the key communication medium within the digital government approaches, which can be used not only for intra and inter-departmental communication but also for correspondence with the citizens and businesses as well. Thus, the provision of Electronic Mail (E-Mail) services to government sector promotes an effective governance framework for the administration and the use of government services.

Accordingly, the policy is developed upon government’s recognition of the use of Electronic Mail (E-Mail) as the main communication medium for government to correspond with citizens and businesses. It encourages all government officers to use e-mail in order to timely, effectively and efficiently maintain their communication process to offer a better service delivery. The policy articulates the framework for the implementation and usage of e-mail facility, recognizing ICTA as the implementation agency on behalf of the government.    

Email Policy

Information Classification Policy

Developed to recognize the importance of the information assets owned by the government organizations and classify them in a proper manner, categorizing them depending on their significance and sensitivity. It supports the Confidentiality, Integrity and Availability (CIA) principles of Information Security and also provides a guideline for information sharing as well as information accessibility.

The policy documents are available for public review and comments. Please feel free to provide your valued suggestions, recommendations and feedback (until November 30, 2022) to policy@icta.lk in order to become part of this national effort.

Infomation Classification Policy

රාජ්‍ය ආයතන සඳහා වන විද්‍යුත් තැපෑල පිළිබඳ ප්‍රතිපත්තිය

පුරවැසි මිත්‍රශීලී සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රාජ්‍යයක් ස්ථාපිත කිරීම සහ එමඟින් ඩිජිටල් රාජ්‍ය සේවාවන් සලසාදීම ‘තාක්ෂණය මත පදනම් වූ සමාජයක්’ කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමේ උපායමාර්ගික රාජ්‍ය සැලසුම් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. එහිදී, ඊ-මේල් සේවාව, ආයතනික අභ්‍යන්තර සන්නිවේදන මෙවලමක් ලෙස පමණක් නොව පුරවැසියන් සහ ව්‍යවසායකයන් අතර සන්නිවේදනය සඳහාද යොදාගත හැකි, වැදගත් මෙන්ම මූලික ඩිජිටල් රාජ්‍ය සන්නිවේදන ප්‍රවේශයක් ලෙස හඳුනා ගැනේ. එබැවින් රාජ්‍ය ක්ෂේත්‍රයට ඊ-මේල් සේවාව හඳුන්වාදීම රාජ්‍ය සේවාවන්හි භාවිතය මෙන්ම පරිපාලනය ද කාර්යක්ෂම කෙරෙන පාලන ව්‍යුහයක් සඳහා අනුබල දෙයි.

‘රාජ්‍ය ආයතන සඳහා වන විද්‍යුත් තැපෑල පිළිබඳ ප්‍රතිපත්තිය’ ගොඩනැගෙන්නේ පුරවැසියන් සහ ව්‍යවසායකයන් අතර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම සඳහා යොදාගැනෙන ප්‍රධානම මාධ්‍ය ලෙස රජය විසින් ඊ-මේල් සේවාව හඳුනාගැනීමත් සමඟය. එමඟින් වඩාත් ඉක්මන්, කාර්යක්ෂම, පහසු සන්නිවේදන ක්‍රමවේදයක් භාවිතා කරමින් වඩා හොඳ සේවාවක් සලසාදීම සඳහා සියළු රාජ්‍ය සේවකයන් ඊ-මේල් සේවාව භාවිතය සඳහා යොමු කරයි. මෙම ප්‍රතිපත්තිය මගින්, රජය වෙනුවෙන් එහි ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත පවරමින්, ඊ-මේල් සේවාව ක්‍රියාත්මක කිරීම සහ භාවිතය සඳහා අවශ්‍ය මෙහෙයුම් රාමුව සම්පාදනය කෙරේ.   

රාජ්‍ය ආයතන සඳහා වන විද්‍යුත් තැපෑල පිළිබඳ ප්‍රතිපත්තිය

රාජ්‍ය තොරතුරු වර්ගීකරණ ප්‍රතිපත්තිය

මෙම ප්‍රතිපත්තිය මගින් රාජ්‍ය ආයතන සතු තොරතුරු වත්කම් වල වැදගත්කම සහ ඒවායෙහි සංවේදීබව/සුවිශේෂීබව මත නිසිලෙස වර්ගීකරණය කිරීමේ වැදගත්කම හඳුනාගැනේ. තවද, රහස්‍යභාවය, විශ්වාසනීයත්වය සහ පැවැත්ම යන තොරතුරු ආරක්ෂණයේ මූලධර්ම මෙමඟින් දිරිගැන්වෙන අතරම තොරතුරු හුවමාරුව සහ තොරතුරු වෙත ප්‍රවේශය සඳහා නිර්දේශයන් සපයා දෙයි.

මෙම ප්‍රතිපත්ති ලේඛන සඳහා මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මේ වනවිට අවස්ථාව සලසා ඇත. මෙම ජාතික ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම සඳහා ඔබගේ වටිනා අදහස්, යෝජනා, නිර්දේශ සහ ප්‍රතිපෝෂණ (2022 නොවැම්බර් 30 දක්වා) policy@icta.lk විද්‍යුත් තැපෑල හරහා ලබා දීමට ඔබට හැකියාව ඇත.

රාජ්‍ය තොරතුරු වර්ගීකරණ ප්‍රතිපත්තිය

Tamil translation of the policy documents will be available soon.

Top