අන්තර් අමාත්‍යාංශ කමිටුව
13 May 2016
[vc_row][vc_column][vc_column_text]අන්තර් අමාත්‍යංශ කමිටුව
තොරතුරු තාක්ෂණය පිළිබඳ අන්තර් අමාත්‍යංශ කමිටුව (IMC) ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව සඳහා ස්ථාපිත කරන ලද නිල රජයේ කමිටුවකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති සකස් කිරීම පිළිබඳව රජයට උපදෙස් දීම මෙම කමිටුවේ වගකීම වේ. අන්තර් අමාත්‍යංශ කමිටුව සෑම පියවරකදීම ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගනු ඇත.
මෙම කමිටුවේ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහාය ඇතිව අන්තර් අමාත්‍යංශ කමිටුව මගින් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතු වේ. තවද මෙම ප්‍රතිපත්ති රාමුව නිරතුරුව සමාලෝචනයට භාජනය කර ප්රතිපත්තිවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමද මෙම කමිටුවේ වගකීමකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් දියත් කිරීමේදී අන්තර් අමාත්‍යංශ කමිටුව රාජ්‍ය හා පුද්ගලික අංශයට සහායවීම හා මග පෙන්වීමද සිදු කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සඳහා වෙළඳපොළ නිර්මාණය කිරීමත්,මානව සම්පත් දියුණුකිරීමත් සඳහා උචිත ප්‍රමිති හඳුනා ගැනීම හා ඒවා දියුණු කිරීමද මෙම කමිටුව විසින් සිදු කරයි. සියලුම පාර්ශව විසින් මෙම ප්‍රමිති අනුගමනය කරන බවටද කමිටුව වගබලා ගනී. තවද ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමටද අන්තර් අමාත්‍යංශ කමිටුව ක්‍රියා කරයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සියලුම අංශ පිළිබඳ පර්යේෂණ කිරීමට කමිටුව කැපවී සිටින අතර ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අවශ්‍ය සියලු දේ සැපයීමට අන්තර් අමාත්‍යංශ කමිටුව කටයුතු කරයි.
අන්තර් අමාත්‍යංශ කමිටුව විසින් 2004 දී ඉතා වැදගත් ‘ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය“ ක්‍රියාත්මක කිරීමේ වගකීම එහි ලේකම් කාර්යාලය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට පවරන ලදී. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ලෝක බැංකුව නිකුත් කළ ප්‍රතිඵල වාර්තාවට අනුව එය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර තිබේ. තවද ගෝලීය තොරතුරු තාක්ෂණ වාර්තාවට (GITR) අනුව රටවල් 143ක් අතරෙන් ශ්‍රී ලංකාව 65 වැනි ස්ථානයේ පසුවේ. ජාලගත උද්යතා දර්ශකයට (NRI) අනුව දකුණු ආසියානු රටවල් අතර අවුරුදු දහයක් තිස්සේ දෙවැනි ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාව දැන් 1වැනි ස්ථානයට පත්වී තිබේ. මෙම ජයග්‍රහණ පැහැදිලිවම ‘ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතියේ“ ප්‍රතිඵල වේ.
මෙම තත්වය පවත්වා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු අතර ආයෝජකයන් සඳහා වඩා මිත්‍රශීලී වතාවරණයක් පවත්වා ගැනීමටද කටයුතු කළ යුතු වේ. මේ නිසා සියලු දෙනාම රජයේ සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලෝපායන්ට අනුව එකම දැක්මකින් යුතුව කටයුතු කරන බව සහතික කිරීම සඳහා,රටේ ඇති අනිකුත් තොරතුරු තාක්ෂණ ආයතන අතර මැදහත් කරුවෙක් ලෙස, අන්තර් අමාත්‍යංශ කමිටුව ක්‍රියා කරයි.
අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත තීරණ
අන්තර් අමාත්‍යාංශ කමිටුව විසින් අනුමත කරන ලද තීරණ කෙටියෙන් පහත දැක්වේ.
ඉහත සඳහන් තීරණ අනුව පහත දැක්වෙන පියවර ගත යුතුයයි අන්තර් අමාත්‍යංශ කමිටුව උපදෙස් දුන්නේය.
සාමාජිකයෝ
අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පත් කිරීමේ වගකීම ඇත්තේ අමාත්‍ය මණ්ඩලයටයි. අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පහත දැක්වෙන ආකාරයට වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය වරින් වර ඉහත සඳහන් අයගේ සාමාජිකත්වය සමාලෝචනයට භාජනය කළ යුතුය.
තීරණ හා නියෝග
අන්තර් අමාත්‍යංශ කමිටුවේ ලේකම් කාර්යාලය, වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
තොරතුරු තාක්ෂණය සඳහාවූ අන්තර්අමාත්යංශ කමිටුවේ ලේකම් කාර්යාලය වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි. මෙම නියෝජිතායතනය පිහිටුවන ලද්දේ 2003 මැයි 12 වැනිදායි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ මූලෝපායන් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම ආයතනය අන්තර් අමාත්‍යංශ කමිටුව සහය වීමට කැපවී සිටී.
මෙයට අමතරව 2004 සැප්තැම්බරයේදී අන්තර් අමාත්‍යංශ කමිටුව විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට අලුත් ව්‍යාපෘතියක් බාර දුන්නේය. එනම් රජය වෙනුවෙන් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම සඳහායි. ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නෛතික රාමුවේ සිදු කළ යුතු වෙනස් කම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වගකීමක් වෙයි.
ප්‍රධාන කරුණු
[/vc_column_text][/vc_column][/vc_row]

- ළඟා කර ගත යුතු ඉලක්ක මත පදනම්ව අන්තර් අමාත්‍යාංශ කමිටුව සෑම මාස දෙකකට වරක් රැස්වීමට තීරණය කර ඇත.
- වර්තමාන පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාව නිසා රජයට විශාල මූල්‍ය හානියක් සිදුවේ. මේ නිසා සමාජ සුබසාධන හා සුරක්ෂිතතා වැඩසටහන් කළමනාකරණය සඳහා ඒකාබද්ධ ස්වයංක්‍රීය පද්ධතියක් වහාම යොදා ගැනීමට කමිටුවේ අවධානය යොමු වී තිබේ.
- රජය, දැනට ක්‍රියාත්මක වන ජාලය වැඩි දියුණු කළ යුත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා අනිකුත් විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ඔවුන් ද සම්බන්ධ කර ගනිමිනි. යෝජිත ජාලයේ සම්පූර්ණ පාලනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අත තිබිය යුතුය.
- ගුගල්ලූන් ව්‍යාපෘතිය අනුමත කරන ලද්දේ රජයේත් ශ්‍රී ලංකා රටවැසියන් ගේත් යහපත තකා ඩිජිටල්කරණ කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහාය. තවද විදුලිසංදේශ සේවා සපයන්නන් නොදන්වා ගාස්තු වැඩිකීරීම වැළැක්වීමට නිශ්චිත කාල රාමුවක් සඳහා ස්ථාවර ගාස්තුවක් අය කළ යුතු යයි මේ යටතේ තීරණය කර තිබේ.
- ඉ-වාණිජ කටයුතු සාර්ථක කර ගැනීම හා සබැඳි ගනුදෙනු පහසු කිරීම සඳහා ජාතික ගෙවීම් ක්‍රියාමාර්ගයක් ස්ථාපිත කිරීම.
- සියලු ප්‍රලේඛන හා අත්සන් ඩිජිටල් ආකාරයට සිදු කරන ඩිජිටල් සහතික කිරීමේ පද්ධතියක් සියලුම රජයේ ආයතන විසින් භාවිතයට ගැනීම. මේ මගින් තොරතුරු හුවමාරු කරගැනීමටත් ඒවා සුරක්ෂිත ලෙස ගබඩා කිරීමටත් හැකි වන අතර එය ශ්‍රී ලංකාවේ රජයටත් ජනතාවටත් කාර්යක්ෂම පද්ධතියක් ලබා දෙමින් වියදම් අඩු කිරීමටද හේතු වනු ඇත.
- සයිබර්සොරකම් වැළැක්වීමටත්, ජාතික තොරතුරු ( පුරවැසි දත්ත හා ගමන් බලපත්‍ර තොරතුරු ආදී) ආරක්ෂා කරගැනීමටත් සියලුම රජයේ ආයතන උචිත පියවර ගනු ඇත. ජෛවමිතික දත්ත වැනි ඉලෙක්ට්‍රොනික ආරක්ෂක ප්‍රමිති සැලකිල්ලට ගනිමින් අලුත් ගමන් බලපත්‍රයක් සැලසුම් කරන ලෙස අන්තර් අමාත්‍යංශ කමිටුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට උපදෙස් දී තිබේ.
- රජයේ හා පුද්ගලික අංශයේ ආයතන අතර පරිපූර්ණ ලෙස දත්ත හවුලේ භාවිතයට ගැනීම පහසු කරන,දත්ත හවුල් භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදී.
ඉහත සඳහන් තීරණ අනුව පහත දැක්වෙන පියවර ගත යුතුයයි අන්තර් අමාත්‍යංශ කමිටුව උපදෙස් දුන්නේය.
- ජාතික ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය හා උපදෙස් තදින්ම අනුගමනය කළ යුතුය.
- ක්‍රියාවලි. ක්‍රියා මාර්ග හා ලංසු තැබීම සියල්ලන්ටම විවෘත විය යුතුය.
- ප්‍රසම්පාදන කමිටුවට පහත සඳහන් අය ඇතුළත් විය යුතුය.
- මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක්
- රේඛීය අමාත්‍යංශයේ නියෝජිතයෙක්
- සුදුසු තාක්ෂණික විශේෂඥයින්
- පැමිණිලි විභාග කිරීමේ ක්‍රමයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ස්ථාපිත කළ යුතු අතර අවශ්‍ය වුවහොත් ඒවා අන්තර් අමාත්‍යංශ කමිටුවට ඉදිරිපත් කළ යුතුය.
- විශේෂ හා හදිසි ව්‍යාපෘති වෙන වෙනම සමාලෝචනය කළ යුතුය.
සාමාජිකයෝ
අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පත් කිරීමේ වගකීම ඇත්තේ අමාත්‍ය මණ්ඩලයටයි. අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පහත දැක්වෙන ආකාරයට වේ.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට වග කියන ඇමතිවරයා
- අධ්‍යාපන ඇමති
- උසස් අධ්‍යාපන ඇමති
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ එක් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්
- මුදල් ඇමති
- වෙළද හා වාණිජ ඇමති
- ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති
- නීතිය හා සාමය පිළිබඳ ඇමති
- ආරක්ෂක රාජ්‍ය ඇමති
- විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්
- ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්
- විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය වරින් වර ඉහත සඳහන් අයගේ සාමාජිකත්වය සමාලෝචනයට භාජනය කළ යුතුය.
තීරණ හා නියෝග
- අන්තර් අමාත්‍යංශ කමිටුව අඩුම වශයෙන් අවුරුද්දකට වරක් රැස්විය යුතු ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ලේකම් කාර්යාලය) අවශ්‍ය යයි අදහස් කරන්නේ නම් වැඩිපුර රැස්වීම් පැවැත්විය හැකි වේ.
- ව්‍යතිරේක කීපයක් හැරුණු විට අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පත් කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එසේ පත් කළ සාමාජිකයන්ගේ බලතල ඔහු/ඇය එම තනතුරු දරණ සම්පූර්ණ කාලය තුළ ම සමානව පවතී. අමාත්‍ය මණ්ඩලය විසින් කමිටු සාමාජිකයන් නිරතුරුව සමාලෝචනයට භාජනය කෙරේ.
- අන්තර් අමාත්‍යංශ කමිටුවේ කාර්ය හා බලතල නීතියෙන් ස්ථාපිත කර ඇති උපදෙස්වලට අනුවයි.
- අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් අන්තර් අමාත්‍ය කමිටුවේ රැස්වීම් කැඳවනු ඇත.
- රැස්වීම පැවැත්වීමට නියමිත දිනට අඩුම වශයෙන් වැඩ කරන දින හතකට පෙර අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන්ට රැස්වීම ගැන දැනුම් දීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිගේ වගකීම වේ.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට යොමු කරන ලිපියක් මගින් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු කරුණු යෝජනා කිරීම අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන්ට හැකි වේ.
- අන්තර් අමාත්‍යංශ කමිටු රැස්වීමක අඩුම වශයෙන් ඇමතිවරු තුන්දෙනෙක් හා එක් අමාත්‍යංශ ලේකම්වරයෙක්වත් සිටිය යුතුය.
- කමිටු රැස්වීම්වලදී ගන්නා තීරණ, සියලු කමිටු සාමාජිකයන්ගේ එකඟත්වයෙන් ගත යුතුය.
- පත්‍රිකාවක් සංසරණයෙන් තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවන්හි බහුතර නීතිය ක්‍රියාත්මක වේ. තීරණයට පක්ෂ වන බහුතරයට අඩුම වශයෙන් ඇමතිවරු තුන්දෙනෙක් ඇතුළත් විය යුතු ය.
- අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් විසින් සභාපතිවරයෙක් හා සහ-සභාපතිවරයෙක් පත් කර ගත යුතු වේ.සභාපති නොමැති අවස්ථාවන්හි සහ-සභාපති එම ස්ථානය ගත යුතු අතර දෙදෙනාම පැමිණ නැති අවස්ථාවන්හිදී කමිටුවට තාවකාලිකව වෙනත් සාමාජිකයෙකු තෝරා පත් කර ගත හැකි වේ.
- අන්තර් අමාත්‍යංශ කමිටුවේ ලේකම් කාර්යාලය වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සෑම රැස්වීමකම වාර්තා පවත්වා ගත යුතු ය. රැස්වීම අවසන් වීමෙන් පසු වැඩකරන දින දාහතරක් ඇතුළත එම රැස්වීමේ වාර්තාව සෑම සාමාජිකයෙකුටම ලබාදීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වගකීම වේ.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සියලුම තීරණ ගනු ලබන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ ඉලක්ක ළඟා කර ගැනීමේ අරමුණ ඇතිවයි. පහත දැක්වෙන හේතු නිසා එවැනි තීරණයක් අවලංගු නොවේ
- කමිටු සාමාජිකයන්ගේ යම් කිසි දෝෂයක්
- රැස්වීමේ ප්‍රමාණවත් තරම් සාමාජිකයන් නොසිටීම
- තීරණය ගැනීමේ ක්‍රියාවලියේ දෝෂයක්
අන්තර් අමාත්‍යංශ කමිටුවේ ලේකම් කාර්යාලය, වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
තොරතුරු තාක්ෂණය සඳහාවූ අන්තර්අමාත්යංශ කමිටුවේ ලේකම් කාර්යාලය වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි. මෙම නියෝජිතායතනය පිහිටුවන ලද්දේ 2003 මැයි 12 වැනිදායි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ මූලෝපායන් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම ආයතනය අන්තර් අමාත්‍යංශ කමිටුව සහය වීමට කැපවී සිටී.
මෙයට අමතරව 2004 සැප්තැම්බරයේදී අන්තර් අමාත්‍යංශ කමිටුව විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට අලුත් ව්‍යාපෘතියක් බාර දුන්නේය. එනම් රජය වෙනුවෙන් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම සඳහායි. ශ්‍රී ලංකාවේ මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නෛතික රාමුවේ සිදු කළ යුතු වෙනස් කම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වගකීමක් වෙයි.
ප්‍රධාන කරුණු
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් අවශ්‍ය නීති හා ප්‍රතිපත්ති ගැන රජයට උපදෙස් දීම අන්තර් අමාත්‍යංශ කමිටුවේ වගකීම වේ.
- අන්තර් අමාත්‍යංශ කමිටුව ක්‍රියා කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.
- අන්තර් අමාත්‍යංශ කමිටුවේ සාමාජිකයන් පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනි.
- අන්තර් අමාත්‍යංශ කමිටුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සියලුම අංශ පිළිබඳව පර්යේෂණ සිදු කරයි.
- ශ්‍රී ලංකා රජයේ දැක්මට අනුව, සියලු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතන,කටයුතු කරන බවට අන්තර් අමාත්‍යංශ කමිටුව සහතික වේ.
- 2003 මැයි 12 වැනිදා පිහිටුවන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, අන්තර් අමාත්‍යංශ කමිටුවේ ලේකම් කාර්යාලය වේ.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය සම්බන්ධයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුව ගන්නා සියලු ක්‍රියාමාර්ග වලදී එයට සහාය වීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වගකීම වේ.
- රටට ගෝලීය වශයෙන් කීර්තියක් ලබා දෙන ආකාරයට ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබේ.
[/vc_column_text][/vc_column][/vc_row]