දැක්ම

“ඩිජිටල් ලෙස සවිබල ගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්.”

Scope ICTA

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ 2019 දෙසැම්බර් මාසයේදී සම්මත කරන ලද ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව “රට හදන සෞභාග්‍යයේ දැක්ම”  දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර; ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු; ළගාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති අතර එහි 6වැනි පරිඡ්චේදයේ අඩංගු තාක්‍ෂණය මත පදනම් වන සමාජයක් ඇති කිරීම සඳහා වන උපායමාර්ග සහ ක්‍රියාකාරකම් පහත දැක්වේ.

ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටුවීම (Eestablish Sri Lanka as a Global Innovation Hub):

උපරිමව නව්‍ය පියවරයන් භාවිතා කිරීම;

ඉන්ටර් ඔෆ් තින්ගස් (IoT),  කෘතීම බුද්ධිය (Artificial Intelligence -AI), ජීව තාක්‍ෂණය (Biotechnology)

රොබෝ තාක්‍ෂණය (Robotics) සහ ඔග්මෙන්ටඩ් රියැලිටි

කලවුඩ් කම්පියුටින්, නැනෝටෙක්නොලොජි, 3D මුද්‍රණය

 

පුරවැසියන්ගේ පහසුව සඳහා පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රජයක් පිහිටුවීම (Setup a Citizen Centric Digital Government for the convenience of citizens):

රාජ්‍ය සේවා සැපයීම සඳහා නව තාක්ෂණයන් අනුගමනය කිරීම සඳහා පුරවැසි සේවා මධ්‍යස්ථාන නවයක් පිහිටුවීම (හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍රය ආදිය).

රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා ඩිජිටල් සහ විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

අල්ලස් හා දූෂණ තුරන් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන (eProcurement) ක්‍රමයක් ඇති කිරීම.

 

ඩිජිටලි බලගැන්වුනු ශ්‍රී ලංකාවක් පිහිටුවීම (Establish Digitally Inclusive Sri Lanka:):

දත්ත සම්ප්‍රේෂණය පහසු කිරීම සඳහා රට පුරා අධිවේගී දෘෂ්‍ය දත්ත සම්ප්‍රේෂණ පද්ධතියක් සහ අධිවේගී 5G ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් පද්ධතියක් ස්ථාපිත කිරීම.

ඩිජිටල් පරිපාලනය සහ අධීක්ෂණය සමඟ ඩිජිටල් නගර පිහිටුවීම.

සියලුම මූල්‍ය ගනුදෙනු හැසිරවීම සඳහා ජංගම හා ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.

e-වාණිජ්‍යය සහ ජාත්‍යන්තර e-ගෙවීම් පද්ධතියක් ස්ථාපනය කිරීම.

දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා නව නීති හඳුන්වා දීම.

 

තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම (Promote IT Entrepreneurship):

ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) සහ දැනුම ක්‍රියාවලි බාහිරකරණ (KPO) සංවර්ධනය කිරීමෙන් 2025 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා අපනයන කර්මාන්තයක් බවට පත් කිරීම.

නගර සම්බන්ධ කිරීමේදී තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන සහ BPO මධ්‍යස්ථාන පිහිටුවීම.

2025 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් සහ ක්‍රමලේඛකයින් 300,000 දක්වා වැඩි කරීමට කටයුතු කිරීම.

ආනයනය කිරීම වෙනුවට දේශීයව මෘදුකාංග සංවර්ධනය කිරීමට දේශීය මෘදුකාංග ඉංජිනේරුවන් සහ තොරතුරු තාක්ෂණ නිර්මාණකරුවන් දිරිමත් කිරීම.

ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා මෘදුකාංග සංවර්ධනය කිරීමට දේශීය ව්‍යවසායකයින්ට සහාය වීම.

ප්‍රතිඵල

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දැක්ම  සාර්ථක ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කළහොත් රටට පහත දැක්වෙන  ප්‍රතිඵල ලැබෙනු ඇත.

  • පුරවැසියන්ගේ සමාජීය ජීවිත වැඩි දියුණුවීම මෙන්ම පරිසරය සුරැකීම
  • ඩිජිටල් නවීකරණයට හා නිර්මාණශීලීත්වයට හිතකර පරිසරයක්
  • ජාතික කාර්යක්ෂම ගොඩනැගිලි
  • රාජ්‍ය. අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා තථ්‍යකාල සේවා ලෙස ලබාදීම
  • රටේ ජාල, සන්තුෂ්ටි හා ආර්ථික දර්ශක ඉහළ අගයක් දැක්වීම
  • ලංකාව දැනුම් පදනම් ආර්ථිකයක් වන බැවින් ඊළඟ පරම්පරාවේ සංචාරකයන්  දැනුම් ගවේෂණ සංචාරකයන් වනු ඇත.
Top