ඩිජිටල්කරන රජය

මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ  ශ්‍රී ලංකා රජයේ කාර්යක්ෂමතාව, පාරදෘශ්‍ය බව, ඵලදායි බව හා සේවාවන්හි ගුණාත්මක බව  ආදියේ ප්‍රධාන හා තිරසාර වැඩි දියුණු කිරීමක්  ලබා ගැනීමයි. මේ සඳහා අවශ්‍ය විසඳුමක් ලෙස මූලික පාලන හා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මක  කරනු ඇත.

මෙම වැඩසටහන යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගනිමින් රාජ්‍ය අංශයේ වැඩ ක්‍රියාමාර්ග පරිවර්තනයකට භාජනය කෙරෙනු ඇත. ඒ සමගම  පහත දැක්වෙන ආකාරයේ නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම්වූ පරිපාලන ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කරනු ඇත.

අ.         වැඩවල සංවිධානාත්මක සැලසුමට නොව සේවාලාභියාට මුල් තැන දීම;

ආ.        සේවාලාභීන්ට ලබා දෙන සේවා මට්ටම් ප්‍රමිති පිළිබඳව රජය වග වීම;

ඇ.        ආයතන අතර දත්ත ඉලෙක්ට්‍රොනිකව හවුලේ භාවිතයට ගැනීම;

ඈ.        පුරවැසියන්ට හා ව්‍යාපාරවලට හැමවිටම පරිශීලක මිත්‍රශීලී ආකාරයටදුර ගැන තැකීමකින් තොරව  තොරතුරු හා සේවා ලබා ගැනීමට හැකි වීම;

ඉ.         රජයේ මෙහෙයුම්වල පාරදෘශ්‍ය භාවය.

දැක්ම

රජයේ ව්යාරපාරික ක්රිායාවලි තාක්ෂණිකව සවිබල ගැන්වීමෙන් හා රජයේ ක්රිතයාවලි ප්රිති නිර්මාණය කිරීමෙන් රජයේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් පුරවැසියන්ට සේවා සැපයීම.

රජයේ තොරතුරු මධ්‍යස්ථානය – 1919

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) රජය ප්රේතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ රජයේ තොරතුරු ලබා දීමේ හා පුරවැසි සේවාවන්හී කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ව්යාිපෘති හා ඉ-සේවා ගණනාවක් ක්රි යාත්මක කර තිබේ…

තව දුරටත් කියවන්න

රජයේ වෙබ් සංවර්ධන හා රජයේ අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන(GIDC) ව්‍යාපෘති

පහත දැක්වෙන හේතු නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට අන්තර්ජාලයේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට…

තව දුරටත් කියවන්න

Projects

Contact

News

Read All

Sorry, no posts matched your criteria.

Top