පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි
13 Sep 2018
පාර්ලිමේන්තුව සදහා ඩිජිටල් ලේඛන කළමණාකරන පද්ධතියක් සකස් කිරීමට පියවර ගැණේ.
ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
පාර්ලිමේන්තුවේ ප්‍රධානතම අංශයන් වන හැන්සාර්ඩ් දෙපර්තමේන්තුව සහ සභා ලේඛන කාර්යාංශය ඉලක්ක කරගනිමින් මෙම ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතිය ප්‍රථමයෙන් සකස් කරන ලබන බවත් සෙසු අංශ සදහාද ඉදිරියේදී මෙය ව්‍යාප්ත කිරීමට නියමිත බවත් නියෝජිතායතනය සදහන් කරයි.
මෙම ව්‍යපෘතිය තුළින් විධිමත් තොරතුරු කළමණාකරණය හරහා පාර්ලිමේන්තු කාර්යයන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිකිරීමටත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා ඇවැසි නිවැරදි හා කාලීන තොරතුරු සැපයීමටත් පාර්ලිමේන්තු තීරණ හා තීන්දු පිළිබඳ මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමටත් රුකුලක් වන බව නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එපික් ලංකා ආයතනය අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා වන ගිවිසුමට අත්සන් කිරීම නොබෝදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා එපික් ලංකා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරීන්ද කල්පගේ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබුහ.