ස්මාර්ට් එන්නත් සහතිකය ගැන විස්තර

September 2, 2021

1. ස්මාර්ට් එන්නත් සහතිකයක් යනු කුමක්ද?

 එය කොවිඩ් -19  වෙෙරසයට   එරෙහිව පූර්ණ එන්නත(එන්නත් දෙකම ) ලබා ගත් අයට නිකුත් කරනු ලබන  ඩිජිටල් සහතිකයකි. මෙම එන්නත් සහතිකය දැනට විදේශගත වීමට අපේක්ෂා කරන අයට නිකුත් කෙරේ. එය  ස්මාර්ට් එන්නත් සහතික පත්‍ර ද්වාරය portal මඟින් ලබා දී ඇති සම්බන්ධකය මඟින් සහතිකකර ලබාදෙන  PDF පිටපතකි. 

2. මම ස්මාර්ට් එන්නත් ද්වාරයට (portal)ප්‍රවේශ වන්නේ කෙසේද?

https://covid-19.health.gov.lk/certificate/ වෙත පිවිසෙන්න.

3. ස්මාර්ට් එන්නත් සහතිකයක් සඳහා ඉල්ලුම් කළ යුතු පියවර මොනවාද?

A.  අදාළ ප්‍රවේශයෙන් ලබෙන ඉල්ලුම පතට  ඔබේ පෞද්ගලික විස්තර ලබා දෙන්න.

  • සම්පූර්ණ නම,
  • ස්ථිර ලිපිනය,
  • පදිංචි දිස්ත්‍රික්කය,
  • ජාතික හැඳුනුම්පත් අංකය,
  • ජංගම දුරකථන අංකය,
  • විද්‍යුත්(email ) තැපැල් ලිපිනය,

B. ඔබගේ ගමන් විස්තර ලබා දෙන්න

  • පිටත්වන දිනය,
  • විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූප,
  • ජාතික හැඳුනුම්පතේ ඡායාරූප,
  • විදේශ ගමනට අදාළ  සාක්ෂි , වෙන් වෙන්ව ඇතුලත් කරන්න )

C. එන්නත් විස්තර ලබාදෙන්න. (එන්නත් කිරීමේ කාඩ්පතේ ඡායාරූප)

D.  ඉදිරියට යාම සදහා වූ Submit button බොත්තම තෝරන්න.

E. දැන් ඔබේ යොමු අංකය තිරය මත දිස්වනු ඇත.

F. ඔබේ යොමු අංකය සමඟ විද්‍යුත් email පණිවුඩයක්  ද ඔබට ලැබෙනු ඇත.

G. සෞඛ්‍ය සේවා නිලධාරියෙකු ඔබේ විස්තර අනුමත කිරීමෙන් පසු, ඔබේ ස්මාර්ට් එන්නත්  සහතිකය ගැනීම සඳහා සම්බන්ධකයක් සහිත තවත් ඊමේල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත ( මේ සඳහා දින 3-5 ක් ගත විය හැකි බව කාරුණිකව සලකන්න.)

H. මෙම   ස්මාර්ට් එන්නත් කිරීමේ සහතිකය අවශ්‍ය අවස්ථාවල ජංගම දුරකතනයේ පෙන්විය හැකිය, නැතහොත් එය මුද්‍රණය පිටපතක් ලෙස සංචාරය සදහා ගෙනයා හැකිය.

4. මගේ සහතිකයේ ප්‍රගතිය පරීක්‍ෂා කරන්නේ කෙසේද?

  • ද්වාරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති ““Check the Progress ප්‍රගතිය පරීක්‍ෂා කරන්න” බොත්තම තෝරන්න./ඔබන්න .
  • දැන්  ඔබසතු  යොමු අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
  • ඉන්පසු Submitබොත්තම ඔබන්න.එවිට  එහි ප්‍රගතිය දැක ගැනීමට ඔබට හැකි වේ.

5. මගේ ඉල්ලීම අනුමත කළාද නැත්නම් ප්‍රතික්ෂේප කළාද කියා මම බලන්නේ කොහොමද ?

  • “ප්‍රගතිය පරීක්‍ෂා කරන්න” “Check the Progress තුළින්ම එයද  බැලිය හැකිය.

6.   MOH කාර්යාලය මඟින් නිකුත් කළ එන්නත් සහතිකය මා සතුව ඇත. මා  ස්මාර්ට් එන්නත් සහතිකය සඳහාද ඉල්ලුම් කළ යුතුද?

 ● නැත.  MOH  කාර්යාලය මඟින් නිකුත් කරන ලද එන්නත් සහතිකය හෝ ස්මාර්ට් එන්නත් සහතිකය තිබීම ප්‍රමාණවත්.

7. අප  සහතිකයේ  මුද්‍රිත අනුපිටපත ලබාගත  යුත්තේ කොතැනින්ද?

  • ඔබට මෙම  සහතිකය  ක්‍රම දෙකකින් එකතු කර ගත හැකිය:
  • මුද්‍රිත සහතිකය ඔබට ළඟම ඇති  MOH   කාර්යාලය ලබා ගත හැකිය. එසේත් නැත්නම්,
  • මෙම අන්තර්ජාල  ද්වාරය මඟින් ද ඔබට සහතිකයේ PDF පිටපතක් සේ  ලබා ගත හැකිය. ඒ සඳහා සෞඛ්‍ය සේවා නිලධාරියෙකුගෙන් අනුමැතිය ලැබෙන තුරු ඔබ බලා සිටිය යුතුය. අනුමැතිය ලබා දුන් පසු සහතිකය බාගතකරගැනීම(download)  සඳහා සම්බන්ධකය සහිත ඊමේල් පණිවිඩයක් මගින් ඔබට දැනුම්දෙනු ඇත.

7. එන්නත් සහතිකයේ  මුද්‍රිත  පිටපතක් ලබා ගන්නේ කෙසේදැයි විස්තර විමසීමට අප ඇමතිය යුත්තේ කාටද?

  • ඒ සදහා ඔබේ ප්‍රදේශයේ ළඟම ඇති MOH  කාර්යාලය අමතන්න .

8. ස්මාර්ට් එන්නත් සහතිකය පිළිබඳ විමසීම් අප ඇමතිය යුත්තේ කාටද?

  • දුරකථන අංක  0701731259

9. එන්නත් සහතිකය ලබා ගැනීමට අපට අවශ්‍ය ලියවිලි මොනවාද?

  • ජාතික හැඳුනුම්පත,
  • විදේශ ගමන් බලපත්‍රය,
  • සංචාරක ලියකියවිලි
  • එන්නත් ලබාගත් කාඩ්පත .

10. තාවකාලිකව ශ්‍රී ලංකාවේ සංචාරය කරන/ පැමිණෙන /රැඳී සිටින, මෙරටදී  එන්නත ලබා ගත් විදේශිකයෙකුට ස්මාර්ට් එන්නත් සහතිකය ලබා ගත හැකිද?

● ඔව්, ඔවුන් හැඳුනුම්පත් විස්තර  හා ගමන් විස්තර ලබා දිය යුතුයි.

( කාර්යාල හැඳුනුම්පත් පිළිගනු නොලැබේ)

11  නුදුරුදිනක විදේශගත වීමට නැතත්  කිසිවෙකුට එන්නත් සහතිකයක් ලබා ගත හැකිද?

  • දැනට, මෙම සේවාව අදාළ වන්නේ නුදුරු දිනවල  විදෙස් ගත වන පුද්ගලයින්ට පමණි.

12. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA ) එන්නත් සහතිකපිටපත් ලබාදෙන්නේද ?

  • නැත.

13.  දල (hard copy) පිටපත් කිරීමේදී/ මුද්‍රණය කිරීමේදී QR කේතය ක්‍රියා නොකරයි. මා  කල යුත්තේ කුමක්ද?

  • ඒ සදහා මෘදු පිටපත(soft copy)/ PDF ආකෘතිය භාවිතාකරන්න.

14. මෘදු පිටපත/ PDF හි ඇති QR කේතය ද  ක්‍රියා නොකරයි නම් මා කලයුත්තේකුමක්ද?

උදවු සඳහා වූ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න  – 0701731259/  0701731260

15. මම ලබාගෙන ඇත්තේ මාත්‍රා 1 ක් පමණි. මට එන්නත් සහතිකය ලබා ගත හැකිද?

  • එන්නත සඳහා එක් මාත්‍රාවක් පමණක් අවශ්‍ය (Johnson & Johnson vaccine,)  ජොන්සන් සහ ජොන්සන් වැනි එන්නතක්   නම්, අනෙක් විස්තර ද නිවැරදි නම්   ස්මාර්ට් එන්නත් සහතිකය සඳහා  කරන ඉල්ලීම් අනුමත කෙරේ.

16. යොමු අංකය යනු කුමක්ද සහ මට එය සොයාගත හැක්කේ කොතැනින්ද?

  • සාර්ථකව විස්තර ඉදිරිපත් කිරීමෙන් පසු  පද්ධතිය(system) මඟින් ජනනය කර  ඔබට ලබාදෙන  ලද යොමු අංකයකි. ද්වාරය භාවිතා කර අනාගතයේදී   ඉදිරිපත් කිරීම  හා  තත්ත්‍වය පරීක්‍ෂා කිරීම සඳහා ඔබ මෙම යොමු අංකය සුරැකිය (save ) යුතුය.
  • ඔබ පෝරමය සම්පුර්නකොට ඉදිරිපත් කළ පසු ඔබට ලැබෙන තහවුරු කිරීමේ පණිවිඩයේ මෙම  යොමු අංකය දක්වා ඇත.
  • එමෙන්ම  ඔබ පෝරමය ඉදිරිපත් කළ පසු ඔබට ලැබෙන විද්‍යුත් තැපෑලෙහි (email )ද එය ඇතුළත් කර ඇත.

17. ජාතික හැඳුනුම්පත වෙනුවට අපට විදේශ ගමන් බලපත්‍ර අංක භාවිතා කළ හැකිද?

  • නැහැ ජාතික හැදුනුම්පත අත්‍යවශ්‍යයයි .

18. නව ජාතික හැඳුනුම්පත් අංක ආකෘතිය භාවිතා කළ හැකිද?

  • ඔව්.

19. මට යොමු අංකයක් ලැබුනේ නැත.

  • කරුණාකර 0701731259 / 0701731260 අංක අමතන්න.

20. මට වහාම එන්නත් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය වන අතර ද්වාරය(portal) ක්‍රියා නොකරයි.

  • කරුණාකර ඔබේ ප්‍රදේශයේ පිහිටි  MOH  කාර්යාලය වෙත යන්න ,එක්  දිනක්  තුළ ඔබට ඔබේ එන්නත් සහතිකය ලබා ගත හැකිය.

21. මා සතුව හැඳුනුම්පතක් නොමැත.

  • සහතිකය ලබාගැනීමට  හැඳුනුම්පත අනිවාර්ය වේ.

22. මම මාර්ගගතව සහතිකය ලබා ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. පද්ධතියෙන් උත්පාදනය කළත්  යොමු අංකයක් මට ලැබුනේ නැත. මගේ ඉදිරිපත් කිරීම් නිවැරදිව ලැබී ඇත්දැයි මම පරීක්‍ෂා කරන්නේ කෙසේද?

  • ඔබ යොමු අංකය තිරය මත නොදැක හෝ යොමු අංකය සහිත ඊමේල් පණිවිඩයක් නොලැබුනේ නම්, ඔබට නැවත ඉල්ලීම් ක්‍රියාවලිය  කිරීමට සිදු වේ.

23. මම ශ්‍රී ලංකාවේදී එන්නත ලබා ගත් අතර දැන් විදේශ ගතව සිටිමි. විදේශයක සිටියදී මට තවමත් සහතිකය සඳහා ඉල්ලුම් කළ හැකිද?

       ● ඔව්, ඔබට පුළුවන්

24. ඉදිරිපත් කිරීමෙන් පසු මට “Error” පණිවුඩයක් ලැබුණි.

  • එයට හේතුව නම් ඔබ යොමුකළ පිටපත්වල  ගොනු file size ප්‍රමාණය 3MB ට වඩා විශාල වීමයි.
  • ඔබගේ  ගොනුව සම්පීඩනය කරන්න (1 MB  ට අඩු) හෝ පින්තූරයේ විභේදනය   (resolution )අඩු කර  නැවත එක්කරන්න.

25. ස්මාර්ට් එන්නත් සහතිකය ලබා ගැනීමට මට කොපමණ කාලයක් ගතවේද?

  • දින 14 ක් පමණ

26. පද්ධතියෙන් උත්පාදනය කළ යොමු අංකයක් මට ලැබී ඇත. නමුත් එහි ප්‍රගතිය පරීක්‍ෂා කිරීමට මට නොහැකිය. ‘යොමු අංකය ජාතික හැඳුනුම්පතට නොගැලපේ’ යැයි මට දෝෂයක්Error ලැබුණි. මම මොකද කරන්නේ?

  • ඔබේ යොමු අංකය ලෙස “SVC000xxx”  නිවරෙදිව ටයිප්  කර ඇද්දයි පරික්ෂාකර බලන්න .
    • ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව සටහන්කර ඇත්දැයි බලන්න .

27. මම කුවේට් රටට  යාමට උත්සාහ කරමි. මට එන්නත් සහතිකය ලැබුණා. විශේෂ ද්වාරයක් (https://vaxcert.moh.gov.kw/SPCMS/PH/CVD_19_Vaccine_Extern_Registration.aspx) හරහා ලිපි ලේඛන  ඇතුලත් කරන ලෙස  තානාපති කාර්යාලය මට  උපදෙස් දි ඇත.  මම ලේඛන සම්පීඩනය කර මෙම ද්වාරයට ඇතුලත්  කරන විට එන්නත් සහතිකයේ QR කේතය වැරදි පිටුවකට යොමු වේ.

  • ඇතුලත්  කිරීම් සඳහා අවසර දී ඇති උපරිම ගොනු ප්‍රමාණය හේතුවෙන් මෙය සිදු විය. අපි දැන් මෙය නිවැරදි කර ඇති අතර  ඉදිරියේදී එම ලිපිලේඛන  වල ප්‍රමාණය තවදුරටත් අඩු කර ඇති.
Top